රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිස්පතිගෙන් විශේෂ නිවේදනයක්..!
පසුගිය 19 වනදා රඹුක්කන පැවති විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා කඳුලු ගෑස් සහ ජීව උණ්ඩ භාවිත කර වෙඩි තැබීමට අණ දුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා.
එම නියෝගයට අනුව ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ඒකකය මීට ටික වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
මෙම වෙඩි තැබීම හේතුවෙන් 42 හැවිරිදි දෙදරු පියෙකු මියගිය අතර පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුලු 27 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් අතරින් තවත් 8 දෙනෙකු රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මේ අතර මෙම වෙඩි තැබීමට අණ දුන් බව පැවසෙන කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මේවන විට අසනීප තත්ත්වයෙන් පසුවන බවටත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය මීට පෙර ක්‍රියාකර තිබුණා.
සිද්ධිය ඇසින් දුටුවන් ස්ථානීය පරීක්ෂාවට එක්වූ මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශකර සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙඩි තැබීමට නියෝග දෙන අවස්ථාවේ බීමතින් සිටි බවට තමන්ට හැගී ගිය බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |