රඹුක්කන වෙඩි තැබීමට අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු සෙසු නිලධාරීන් ගැන අධිකරණය අද ලබා දුන් නවතම නියෝගය..!

Report

පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මෙම නියෝගය කළේ සිද්ධියට අදාළ නඩුව බදාදා (27) කැඳවූ අවස්ථාවේදීය.

පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙම තුවාල, වෙඩි වැදීම නිසා ඇති වූ ඒවා බවට යි.

අදාළ වෙඩි තැබීම හේතුවෙන් හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු ද මිය ගියා. මෙම විරෝධතාව පසුගිය 19 වැනි දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූයේ, ඩීසල් බෙදාහැරීම සම්බන්ධ ව මතු වූ ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now