මේ යන විදිහට ඇඟ බද්දකුත් ගහයි, ඩිජිටල් සේවාවලට ගහන්න යන බද්දෙන් වෙන විපාක ගැන දුමාලි කට අරී[VIDEO]

Sri Lanka Politician Income Tax Department Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 11, 2025 01:52 PM GMT
Kaushi

Kaushi

Report

අද (11) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව එහිදී අදහස් දැක්වූ මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී දුමාලි ශෂිකලා මහත්මිය ඩිජිටල් සේවා සඳාහා පනවා ඇති 18% බද්ද සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එහිදී ඇය පවසා ඇත්තේ,

" ඉස්සර මේ ආණ්ඩුවේ අය කිව්වේ බදු අය කරන්න එපා කියලා. නමුත් දැන් බදු අය කරන්න වෙන බව තේරුම් අරන් තිබෙනවා. නමුත් e commerce platform වලට ගහපු 18 වගේ බදු ගහන එකට අපි එකග නෑ. තරුණ තරුණියන් විශාල පිරිසක් මේ ඔන්ලයින් ක්‍රම හරහා විශාල ආදායමක් මේ රටට ගෙන එනවා. ඒවාට මේ බදු ප්‍රමාණය විශාල ගැටලුවක්. ටුවරිස්ම්වලින් ලොකු ආදායමක් මේ රටට ලැබෙනවා. බුකින් ඩොට් කොම් එකට බදු ගහනවා. මේක ලොකු බලපෑමක් වෙනවා.

කිඹුලාවල උණුසුම් වෙයි

කිඹුලාවල උණුසුම් වෙයි

මේ ඩිජිටල් සේවා මත පනවපු බද්ධ නිසා ගොඩක් පීඩාවට ලක්වෙන්නේ මධ්‍යම පාන්තික තරුණ තරුණියන්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ බදු ගැන තවත් සිතන්න කියලා. මේ යන විදියට මාලිමා ආණ්ඩුව ඇග බද්ධකුත් ගහයිද සැකයි. දේපල බද්ධක් ගහන්න යනවා. මේක කරන්නේ කෙසේද කියලා තවම හිතාගන්න බෑ. පසුගිය කාලයේ අපේ දේපළ විනාශ වුණා. අරගල කාලයේ ඒ කාලයේ අපේ දේපළ තක්සේරු කළා. ඒක කලේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව. ඒ තක්සේරු කිරීම් ගැනත් කතා වුණා. මෙහෙම තිබියදී දේපළ බදු ගහද්දී තක්සේරු කිරීම කරද්දී කොහොම කරයිද සැකයි." යනුවෙන්.

ට්‍රම්ප්ගේ තීරුබදු අඩු කළේ නැත්තම් කරන දේ දන්නවා බ්‍රසීලයෙන් තර්ජනයක්

ට්‍රම්ප්ගේ තීරුබදු අඩු කළේ නැත්තම් කරන දේ දන්නවා බ්‍රසීලයෙන් තර්ජනයක්

ReeCha