අදත් ප්‍රදේශ රැසකට වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හිතේ ධෛර්ය්ය අඩු විය හැක..මේ ලග්න වල නම් ප්‍රවේසමෙන් කටයුතු කරන්න..

හිතේ ධෛර්ය්ය අඩු විය හැක..මේ ලග්න වල නම් ප්‍රවේසමෙන් කටයුතු කරන්න..

සබරගමුව ,බස්නාහිර සහ උතුරු පළාත්වලත් , පුත්තලම ,ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු මැද , වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

 

ජාතික ආරක්ෂාවට තර්ජනයක්... මට අනුමත කරන්න බැහැ (VIDEO)

ජාතික ආරක්ෂාවට තර්ජනයක්... මට අනුමත කරන්න බැහැ (VIDEO)