අද දින පස්වරු 2 දක්වා වලංගු අති විශේෂ නිවේදනයක් රජයෙන් ප්‍රකාශයට - මේ පලාත් විශේෂයි
සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළ විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊට අමතරව බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතී.
කෙසේ වුවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර ප්‍රදේශ කිහිපයකට තද සුළං පිළිබඳව ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර (40-50 km/h) පමණ වන තද සුළං ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු වෙයි.