වැස්ස තවත් දරුණු වෙයි - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි තත්ත්වයන් පවතිනු ඇති බව සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි