අයහපත් කාලගුණය නිසා කටුනායකට ගොඩබෑමට ගිය යානා මත්තලට

Report

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.

වාර්තා වන පරිදි, දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 6කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇත.