චක්‍රලේඛය නිසා සියල්ල නවතී.. මගීන් බිය කරමින් දුම්රිය ධාවනය, මෙහෙයුම් හා පාලන කටයුතු රැසක්ම ඇනහිටින බවට රතු එළි

Report

සියලුම දුම්රිය සේවකයන් හා නිලධාරින්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් දුම්රිය ධාවන, මෙහෙයුම් හා පාලන කටයුතු රැසක්ම ඇනහිටින බවට දුම්රිය වෘත්තිය සමිති අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම තීරණයට එරෙහිව දුම්රිය එන්ජින් රියැදුරු, නියාමක, ස්ථානාධිපති, රියැදුරු සහායක, රත්මලාන කාර්මික ඇතුළු වෘත්තිය සමිති 20ක පමණ නියෝජිතයන් කොළඹදී රැස්වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ කසුන් චාමර ජයසේකර මහතා පවසන බව සඳහන්.

එසේම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධී ස්ථාවරයක වෘත්තිය සංගම් පසුවන බවද ඔහු සඳහන් කර ඇත. ඊට අමතරව ඔහු කියා ඇත්තේ දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් මෙහෙයුම් කාර්යාලය හා පණිවුඩ හුවමාරු කිරීම වට්ස්ඇප් මඟින් සිදුකෙරෙන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය පැමිණෙන වේලාවන් හා පිටවන වේලාවන්ද වට්ස්ඇප් සමූහයක් මඟින් යාවත්කාලීන කරන බවයි.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

එසේම කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ දුම්රිය උප දෙපාර්තමේන්තුවල පරිපාලන කටයුතු ද බොහෝ විට සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ සිදුවන බවයි. එබැවින් දුම්රිය දෙපාර්තමේන්තුව ගැන හසල දැනුමක් නොමැතිව දුම්රිය උප දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ කිසිදු යෝජනාවක් හෝ උපදේශයක් නොපිළිපදිමින් කටයුතු කර සිටින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තමන් පාලනය කරන දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යූහය හෝ නොදැනීම විහිළුවක් බව ඔහු පවසා ඇති බව සඳහන්.

එමෙන්ම දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීමට රජය විසින් පනවා ඇති චක්‍රලේඛයට අනුවද ආයතනික ලිපි හා තොරතුරු වට්ස්ඇප් මඟින් සිදුකිරීමට දී ඇති උපදෙස්ද නොසලකා හරිමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

අද සිට ඉරිදා දක්වා මේවා ක්‍රියාවිරහිත කරන්න - බලශක්ති ඇමති රටින්ම ඉල්ලයි

අද සිට ඉරිදා දක්වා මේවා ක්‍රියාවිරහිත කරන්න - බලශක්ති ඇමති රටින්ම ඉල්ලයි

කොළඹ උග්‍ර අර්බුදයක් - කොළඹ එන යන හැමෝටම දැනුම්දීමක්

කොළඹ උග්‍ර අර්බුදයක් - කොළඹ එන යන හැමෝටම දැනුම්දීමක්

තෙල් - ගෑස් අර්බුදයට අවසන් විසඳුම මන්නාරමෙන්

තෙල් - ගෑස් අර්බුදයට අවසන් විසඳුම මන්නාරමෙන්