නාවික හමුදා බුද්ධි අංශ පළමු වතාවට අනාවරණය කරගත් ඩුබායි සිට කෙරෙන ව්‍යාජ පාස්පෝට් ජාවාරම..

Sri Lanka Dubai Department of Immigration & Emigration Passport Crime Branch Criminal Investigation Department
By Piyumika Jun 11, 2024 06:12 AM GMT
Piyumika

Piyumika

Report

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාලයන්ට රටින් පැන යාම සඳහා ඩුබායි සිට ව්‍යාජ පාස්පෝට් සකස් කර එවන ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.

මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

මෙම ගුවන් ගමන් බලපත්‍ර විදෙස් රටකදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර එවන බවත්, ඒවා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට මෙරටින් නික්තු කළ ගුවන් ගමන් බලපත්‍ර ලෙසින් රහසිගතව ඇතුළු කර ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත .

මෙවැනි ජාවාරමක් අනාවරණය වූ පළමු වතාව මෙය බවත් නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත විමර්ශන අරඹා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

එහිදී මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේ සහාය ඇතිව විදෙස් රටවල සකස් කරන ගුවන් ගමන් බලපත්‍ර දත්ත පද්ධතියට ඇතුළත් කරන බවට සැක පහළවී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති මළ සිරුරු 03ක් හමුවේ..

අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති මළ සිරුරු 03ක් හමුවේ..

මෙම ගුවන් ගමන් බලපත්‍ර ඩිනාර් දහසේ සිට දසදහස දක්වා මිලකට අලෙවිකර ඇතැයිද තොරතුරු ලැබී තිබේ.

ආගමන විගමන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන මෑතකදී අරඹා ඇති විමර්ශනවලට අනුව මෙරටදී රුපියල් ලක්ෂ පහ බැගින් ලබාගෙන ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර විස්සක් සකස් කර තිබූ අතර, ඉන් දාහතරක්ම ඩුබායි පාතාලය අතට පත්වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි.

මෙයින් වැඩි ප්‍රමාණයක් වව්නියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයෙන් නික්තු කර ඇත.

මිතුරා සමඟ එක්ව සැමියා බිරිඳට කළ දේ ..

මිතුරා සමඟ එක්ව සැමියා බිරිඳට කළ දේ ..

මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන් පාතාලයන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදීමේදී ඔවුන්ගේ සැබෑ නමට ඇතුළත් කර ඇති ඇඟිලි සලකුණු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේදීත් දත්ත පද්ධතියට එලෙසින්ම ඇතුළත් කර ඇතැයි අනාවරණය වී ඇති අතර පාතාලයන්ට ලංකාවේදී ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමට සම්බන්ධ පිරිස් කොටුවීමත් සමග විදෙස් රටවලදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කර මෙරට දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන බවට තොරතුරු ලැබී තිබේ.