මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

Sri Lanka Police Sri Lanka Death Murder
By Piyumika Jun 11, 2024 05:16 AM GMT
Piyumika

Piyumika

Report

හොරණ මීවනපලාන ප්‍රදේශයේ ඇඳේ නිදා සිටියදී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කළ පුවතක් වාර්තා වේ.

අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති මළ සිරුරු 03ක් හමුවේ..

අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති මළ සිරුරු 03ක් හමුවේ..

මෙලෙස ඝාතනය වී ඇත්තේ හොරණ, මීවනපලාන, සිරිල්ටන් වත්ත, ලිපිනයේ පදිංචි උඩකන්දගේ රමනි සකුන්තලා (අවු 57) නැමති කාන්තාවක් බව හොරණ මූලස්ථාන පොලිසිය පැවසීය.

පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට අද(11)දින පාන්දර ලැබුණු ඇමතුමක් ඔස්සේ පාන්දර 1:30 ත් පැය 01:50 අතර කාලය තුළ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගෙල කපා ඝාතනය කර ඇති බව තොරතුරු ලැබී ඇත.

ලෝකප්‍රසිද්ධ තවත් ප්‍රබලයෙක් ගුවන් යානය සමග අතුරුදහන් වෙයි..ලොවම කැළඹූ සිදුවීම මෙන්න.(PHOTOS)

ලෝකප්‍රසිද්ධ තවත් ප්‍රබලයෙක් ගුවන් යානය සමග අතුරුදහන් වෙයි..ලොවම කැළඹූ සිදුවීම මෙන්න.(PHOTOS)

මිය ගිය කාන්තාව සහ නැගණිය (52 ) පමනක් නිවසේ පදිංචිව සිට ඇති අතර පාන්දර 01.40 පමන නිවසට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නැගණියට කතා කොට දොර විවෘත කරගෙන නිවස තුළට ඇතුල්වී ඇගේ අත් දෙක හා කට රෙදි පටිවලින් ගැට ගසා නිවසේ වාඩි කරවා ඇත.

පසුව සහෝදරිය නිදා සිටින කාමරය දෙසට ගොස් ඇති අතර සුළු වේලාවකට පසුව තම සහෝදරිය කෑගසනු ඇසුනු බවත් එය බැලීමට යෑමේ දී නිවසට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනා නිවසෙන් පිටව ගොස් ඇති බවත්, කාමරයේ ඇද මත නිදා සිටි තම සහෝදරියගේ ගෙල කපා ඝාතනය කර ඇති බව දැක අසල්වැසි නිවසකට ගොස් 119 පොලිස් හදිස්සි ඇමතුම් අංකයට දන්වා ඇත.

පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

හොරණ අධිකරණ මහේස්ත්‍රාත්තුමා විසින් ස්ථානය පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර පානදුර අපරාධපරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කළේ දැයි යන්න තවමත් හෙලි වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්‍ෂණ මෙහෙයවනු ලබයි.