අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති මළ සිරුරු 03ක් හමුවේ..

Sri Lanka Police Sri Lanka Negombo Death
By Piyumika Jun 11, 2024 04:41 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රදේශ තුනකින් නාඳුනන මළ සිරුරු 03ක් හමුව ඇති බව පොලීසිය වාර්තා කලේය .

පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

ඊයේ (10) එම මළ සිරුරු හමුව ඇත්තේ, මීගමුව සහ පානදුරු දකුණ පොලිස් වසම්වලින්ය.

මීගමුව මාර්ස්ටෙලා විදුහල ඉදිරිපිට පුද්ගලයෙකු මියගොස් ඇති බවට 119ට ලද තොරතුරක් මත මීගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මරණරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

එම මරණකරුගේ වයස අවුරුදු 65ක් පමණ වන අතර අවසන් වරට බැනියමක් සහ නිල් කොටු සහිත සරමක් හැඳ සිටී බව පොලීසිය පැවසීය.

මිතුරා සමඟ එක්ව සැමියා බිරිඳට කළ දේ ..

මිතුරා සමඟ එක්ව සැමියා බිරිඳට කළ දේ ..


මේ අතර මීගමුව සිරිකුරස පල්ලිය පිටුපස කපලුවේ නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට 119 යට තොරතුරක් ලැබී තිබුණි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව මීගමුව පොලීසිය පවසන අතර මරණකරු පසුවේ සහ උරහිසේ පච්ච සළකුණු ඇති අතර අවසන් වරට ගුරු පැහැති අත් දිග කමිසයක් හැඳ සිටි බව පොලීසිය පවසයි.

එසේම පානදුර දකුණ පොලිස් වසමේ රන්කොන් විහාරස්ථානය තුළ කාන්තාවක් මියගොස් ඇති බවට ලද දුරකථන පණිවුඩයක් මත පානදුර දකුණ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

එම මරණකාරියගේද අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත අතර ඇය වයස අවුරදු 60ත් 65ත් පමණ වන අතර උස අඩි 05වි අඟල් 01කි.

රතු පැහැති හැට්ටයක් සහ නිල් සහ දුරඹුරු පැහැති සායක් හැඳ සිටින බව පොලීසිය පවසයි.