කොච්චර ගැහුවත් කෘමි කරදරය ඉවරයක් නැහැ කියලා කනස්සල්ලෙන්ද ..එහෙනම් ඔයා මේ ගැන දැනුවත් වෙලා ඉන්න ..

Sri Lanka Police Sri Lanka Ministry of Agriculture
By Piyumika Oct 09, 2024 03:23 AM GMT
Piyumika

Piyumika

Report

 පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ ලියාපදිංචි පළිබෝධනාශකවලට සමාන අයුරින් ව්‍යාජ පළිබෝධනාශක නිෂ්පාදනය කර වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම කාර්යාලය සඳහන් කරයි.

භයානක අනාවරණයක්..අඩුවටනේ කියලා ගන්න නම් එපා..

භයානක අනාවරණයක්..අඩුවටනේ කියලා ගන්න නම් එපා..

ඉන්දියාවෙන් පැමිණෙන ව්‍යාජ පළිබෝධනාශකවලට වඩා දේශීය ව්‍යාජ පළිබෝධනාශක අලෙවිය ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ.

එවැනි ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද ව්‍යාජ කෘමි නාශක වර්ගයක් තඹුත්තේගම ප්‍රදේශයේ පළිබෝධනාශක වෙළෙඳසලක අලෙවි කිරීමට තිබියදී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ වැටලීම් ඒකකයේ පළිබෝධනාශක බලයලත් නිලධාරී එම්.එච්.ඩබ්ලිව්. ගුණවර්ධන, නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරී එච්.ඩී.එස්. ගුණසේන විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංගීත ප්‍රසංගයට ආපු තරුණයාව අවසානෙදි හමු වූ තැන..

සංගීත ප්‍රසංගයට ආපු තරුණයාව අවසානෙදි හමු වූ තැන..

දේශීය ලියාපදිංචි පළිබෝධනාශක නිෂ්පාදනයකට සමාන අයුරින් මෙම ව්‍යාජ කෘමිනාශකය නිෂ්පාදනය කර තිබූ බවත්, බටු වගාවේ කෘමි හානි වළක්වාගැනීම සඳහා යොදන එම කෘමිනාශකයේ කිලෝග්‍රෑම් 153ක් අත්අඩංගුවට ගත් බවත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ පළිබෝධනාශක බලයලත් නිලධාරී එම්.එච්.ඩබ්ලිව්. ගුණවර්ධන පැවැසීය.

ලියාපදිංචි පළිබෝධනාශකයේ ස්වරූපයට සමාන ලෙසම ව්‍යාජ පළිබෝධනාශකයට ලේබලය, පිටත ආවරණය, ඇසුරුම සකස් කර තිබූ බවද ඔහු කීවේය.

බුදු අම්මෝ රක්ෂිතයකින් මෙච්චර ගොඩක්.. ලංකාවටම බෙදන්න පුළුවන් තරමට එතන තිබිලා..(VIDEO)

බුදු අම්මෝ රක්ෂිතයකින් මෙච්චර ගොඩක්.. ලංකාවටම බෙදන්න පුළුවන් තරමට එතන තිබිලා..(VIDEO)

මෙම කෘමි නාශකය ග්‍රෑම් 20 ඇසුරුම් 08ක් එක් පෙට්ටියක අඩංගු බවත්, එවැනි පෙට්ටි 960ක් අත්අඩංගුවට ගත් බවත් ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාජ පළිබෝධනාශක නිෂ්පාදකයන් විසින් වෙළෙඳසල් හිමියන්ට වැඩි ලාභයක් ලබාදීම නිසා පළිබෝධනාශක වෙළෙඳසල් හිමියන් ඒවා වැඩි වශයෙන් විකිණීමට යොමුවී ඇතැයි ද පැවසේ.