භයානක අනාවරණයක්..අඩුවටනේ කියලා ගන්න නම් එපා..

Sri Lanka Western Province Virus
By Piyumika Oct 09, 2024 02:37 AM GMT
Piyumika

Piyumika

Report

 බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අධි ශීතකරණවල ගබඩා කර කිලෝවක් රුපියල් 300 ත් 400 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් තොරතුරු අනාවරණය වේ.

ජාඇල ප්‍රාදේශීය සභාවේ ඉකුත් 02 වැනිදා පැවැති පරිසර හා පහසුකම් කමිටු සාකච්ඡාවේදීද දඩුගම ප්‍රදේශයේ ඌරු ගොවිපොළවල සිටින ඌරන් මියයාම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.

මැය ගැන තොරතුරක් දන්නවා නම් වහාම මෙන්න මේ අංක වලට අමතන්න..

මැය ගැන තොරතුරක් දන්නවා නම් වහාම මෙන්න මේ අංක වලට අමතන්න..

එම ප්‍රදේශයේ ඌරු ගොවිපොළවල දිනකට ඌරන් 50 දෙනකු පමණ මියයන බවත්, එම සතුන්ගේ මස් අඩු මිලට මිනිස් පාරිභෝජනය සඳහා අලෙවි කෙරෙන බවට වාර්තා වී ඇති බවත් මෙම කමිටුවේදී සාකච්ඡා කර ඇත.

මෙලෙස ඌරන් මියයාම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරිගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඌරු ගොවිපොළවල් ආශ්‍රිත ඌරන් අතර වයිරසයක් පැතිර යන බවය. මූත්‍රා, කෙළ බිඳිති ආදිය හරහා මෙම වයිරසය ඌරන් අතර පැතිර යන බවත්, සතුන්ට හුස්ම ගැනීමේ අපහසුතා, පෙණහලු අකර්මන්‍ය වීම, උණ, ආහාර අරුචිය ආදී තත්ත්වයන් මෙම වයිරසය ශරීරගත වීමෙන් පසුව ඇතිවන රෝග ලක්ෂණ බවත් ඔහු කීවේය.

එමෙන්ම ගැබිනි සතුන් ගබ්සාවීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය. මෙම වයිරසය වඩාත් පැතිර යන්නේ ඉඳුල් ආහාර ආදිය ඌරු ගොවිපොළවලට ප්‍රවාහනය කිරීම නිසා බවද ඔහු කීවේය.

දිවි නසා ගැනුමක්ද ..මිනී මැරුමක්ද..

දිවි නසා ගැනුමක්ද ..මිනී මැරුමක්ද..

මෙම වයිරසයෙන් මිනිසුන්ට හානියක් නොමැති බවද ඔහු පැවැසීය.

මෙම රෝගය පාලනයට අදාළව පළාත් පාලන ආයතන විසින් අදාළ ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් කැඳවා සාකච්ඡා කළ යුතු වූවද, මෙතෙක් එවැනි කටයුත්තක් සිදුවී නැති බවටද තොරතුරු අනාවරණය වේ. මෙම වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන්නේද නැතිද යන්න පරීක්ෂා කිරීමේ හැකියාව ඇත්තේ පශු වෛද්‍යවරුන්ට බවද සභාපතිවරයා කීවේය.

ජනතාව මස් පාරිභෝජනය කිරීමේදී නිරෝගී සතකුගේ මස් පාරිභෝජනය සෞඛ්‍යයට යහපත් බවත්, සතුන් ගොවිපොළේදී මැරීමට පෙර පූර්ව පරීක්ෂණයකට ලක්කළ යුතු බවත්, එය පශු වෛද්‍යවරයකු විසින් සිදුකළ යුතු බවත් ඔහු පැවැසීය. නමුත් ගොවිපොළ තුළ එවැනි කටයුත්තක් සිදු නොවන බවද සභාපතිවරයා කීවේය.

මොනවා අයේ වාහන ගෙන්නන්නේ නැද්ද එතකොට..

මොනවා අයේ වාහන ගෙන්නන්නේ නැද්ද එතකොට..

ජාඇල ප්‍රදේශයේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ඌරන් අතර ශීඝ්‍රයෙන් මෙම වයිරසය පැතිර යාම සම්බන්ධයෙන් ජාඇල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ ඉහළ නිලධාරියකුගෙන් කරන ලද විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව පශු වෛද්‍ය අංශවලින් නිසි පිළිතුරක් නොලැබුණු බවත්, වයිරසය හේතුවෙන් සතුන් රැසක් මියගිය බවත්ය. මියගිය සතුන්ගේ මස් අඩු මිලට අලෙවි කරන බවට ලද තොරතුරු අනුව ගොවිපොළ ආශ්‍රිතව සොයා බැලුවද ඒ පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකිවූ බවද ඔහු පැවැසීය.

කෙසේ නමුත් මේ වනවිට සතුන් මිය යෑම අඩුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මහ මැතිවරණයට අවස්ථාවක් නොදුන්නායි කියා මාවෙයි සේනාධිරාජා කරන්න හදන දේ..

මහ මැතිවරණයට අවස්ථාවක් නොදුන්නායි කියා මාවෙයි සේනාධිරාජා කරන්න හදන දේ..

දඩුගම ප්‍රදේශයේ ඌරන් මියයාම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ජාඇල ප්‍රාදේශීය සභාවේ ලේකම් එල්.ඩබ්ලිව්.එල්.කේ. ධර්මසේන සම්බන්ධ කර ගැනීමට එම ප්‍රාදේශීය සභාවට දුරකථන ඇමැතුමක් ලබාදුන් අවස්ථාවේ එහි නිලධාරිනියක් කියා සිටියේ ලේකම්වරයා කාර්යාලයයේ නොමැති බවත්, ඔහුගේ ජංගම දුරකථන අංකය කිසිවකුට ලබා නොදෙන ලෙස දැනුම් දී තිබෙන බවත්ය.

ReeCha