රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

Report

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ 2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ය.

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

එමෙන්ම, අදාළ වැටුප් වැඩි කිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය. 

"මුලික වැටුප රු.15,750ක් දක්වා වැඩි වෙනකොට.. අපි කියලා තියෙනවා. මේ වන විට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා.

එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800. තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා.

බේසික් එක රු. 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ. ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ.

අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් වැඩි වෙනවා..

ඒ වගේම රාජ්‍ය සේවයේ සෑම කෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා 80% දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩිවෙනවා...

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

සමස්ත විස්තරය පහතින් නරඹන්න..

You May Like This Video👇