මීගමුව බන්ධනාගාර ලේ වැකි ගැටුමෙන් මියගිය වීර නිලධාරීන්ගේ දේහ සගයන්ගේ සෝ සුසුම් මැද වැලිකඩට

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහ අද (08) පෙරවරුවේ රථ පෙරහැරකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.

එහිදී අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය. පසුගිය 6 වැනිදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

වාර්තා වන පරිදි, පසුගිය 5 වැනිදා බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, ඊට පසුදින උදෑසන රැඳවියන්ට ආහාර ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

මීගමුව බන්ධනාගාරයම හිස් කරයි - රැදවියන් අතර නැවතත් උණුසුම් තත්ත්වයක් දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු බූස්සට

මීගමුව බන්ධනාගාරයම හිස් කරයි - රැදවියන් අතර නැවතත් උණුසුම් තත්ත්වයක් දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු බූස්සට

එම අවස්ථාවේදී රැඳවියන් අතර යළි ගැටුමක් හටගෙන ඇති අතර, එය පාලනය කිරීමට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරියෙකුට රැඳවියන් ගල්මුල්වලින් පහරදී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයෙන් නව පත්වීමක් ලබා පැමිණ සිටි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වී ඇති අතර, ඔහුටද රැඳවියන් පහර දී ඇති බව සඳහන්ය.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් එම නිලධාරියාව ආරක්ෂිතව ඉවත් කරගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පැමිණි බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන්ටද රැඳවියන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වී තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ, ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර පහරදී ඇති බවයි.

මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.