ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉටු කරන අයුරු රූපවාහිනී නාලිකා හරහා සජීවීව විකාශය නොකිරීමට තීරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය ද මෙම තීරණය තහවුරු කරයි.
වත්මන් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරුන් මෙන් නොව, පවුලේ සාමාජිකයන් සමඟ අවුරුදු නැකැත් ඉටු කිරීමේ අවස්ථාව රූපවාහිනියෙන් විකාශය නොකරන බව ද සඳහන් කළේය.