ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමේ නඩුවෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු හදිසියේම ඉවත් වෙයි - ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරෙයි

Report

 සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී ඇත.

  ඒ අනුව, අදාල පෙත්සම් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කරනු ලැබ තිබේ.

සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කර තිබේ.

තවද අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුව මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කරනු ලැබ තිබේ             

එයාර්බස් ගනුදෙනු වංචාව ගැන නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව අධිචෝදනා -CIDයෙන් අධිකරණයට හදිසි දැනුම්දීමක්

එයාර්බස් ගනුදෙනු වංචාව ගැන නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව අධිචෝදනා -CIDයෙන් අධිකරණයට හදිසි දැනුම්දීමක්

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න