අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි - ජනපති ජාතිය අමතයි

Report

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ විය යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඒ අද (04) දින උදෑසන නිදහස් චතුරස්‍රයේ දී 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයකට නව මිනිසෙකු ගොඩනැඟීමට දරන ප්‍රයන්තයන්ට බාධා කරන්නේද ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට රජය සුදානම් බවත් ය.

එසේම එයට පොදු ජනතාවගේ සහාය ලැබෙනු ඇති බව තම විශ්වාසය බවත් ය. එමෙන්ම අවුරුදු 133ක පීඩාකාරී කොල්ලකාරී, යටත්විජිත පාලනයෙන් 1948 දී ලංකාවට නිදහස හිමිවු බවත්, සියවස් ගණනාවක් පුරා යටත්විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ කඳුළු දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසුවා.

රටම බලන් සිටි 78 වන නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වෙයි

රටම බලන් සිටි 78 වන නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වෙයි

"අපි ජීවිතේ විවිධ අවදීන්ට මුහුණදෙනවා බොහෝ අය තමන් වෙනුවෙන් අරගල කරනවා. එය සාමාන්‍ය දෙයක් එහෙත් යම් කිසිවෙක් මාතෘභූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන්වදිනවා නම් ඔවුන් සැබවින්ම විරෝධාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ. අපි අද දෙපය තබාගෙන සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් වැදුණු මුතුන් මිත්තන්ගෙන් සහෝදර සහෝදරියන්ගේ මේ මහ පොළොව තෙත් වෙලා. ඔවුන්ගේ ලේ, කඳුළුවලින් මේ මහ පොළොව තෙත් වෙලා. ඒ නිසා ඔවුන් අපේ හදවත් තුළ වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගෙන සිටිනවා. ඒ නිසා අපේ මව්බිමේ නිදහස හා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝධාර වීරවරියන් වීරවරුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය හා ගෞරව පුද කළ යුතුයි." අපිට නිදහසේ පරිපූරණත්වය සඳහා වූ සටනක් හා අරගලයක් තියෙනවා. ඒ අරගලය ඇත්තේ අප, ඔබ, මා තුළම බවට මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනයේ ප්‍රධාන තේමාව වුයේ 'ගොඩනඟමු ශ්‍රී ලංකා'. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීයභාවය මත යළි ගොඩනැඟිය යුතුයි.

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ඒ යළි ගොඩනැඟීමේ දී අපේ සාරය බවට පත්වන්නේ, අප ඉතාමත පෞඪ ඉතිහාසයකට උරුමකම් කියනවා. අපේ මුතුන් මිත්තන් ඒ යුගයට ගැළපෙන අයුරින් ඉතාම ඉහළ තාක්ෂණික දැනුමින් හෙබි බව ඉතිහාස ගත කරුණු අපට පෙන්නුම් කරලා තියෙනවා. අපිට ශ්‍රේෂ්ඨ පෞඪත්වයක්, ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්. ඒ වගේම මෑත ඉතිහාසයේ මේ සියල්ලන්ගෙන්ම බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තියෙන අතර, අපි අත්පත් කරගත යුතු සාධනීය ලක්ෂණ රැසක් තියෙනවා. අප ශ්‍රී ලංකාව ගොඩනැඟිය යුතු මාවත වන්නේ, අපේ මාතෘභූමිය සමඟ තිබෙන අයිනද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැඟීමේ දී ඉතිහාසය විසින් එක්කර තිබෙන මහාසාරය මේ මහ පොළොව මත යළි ප්‍රතිෂ්ඨාපනය කරන මාවත තමා අපේ ආර්ථිකය ගොඩනඟන මාවත ලෙස තෝරාගන්නේ. එය හුදු මාතෘභූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමියේ, ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟෙන මාවතට අපි අවතීර්ණය විය යුතුයි. නිදහස් පසු 78 වසර තුළ ජය පරාජයන් තියෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිලෙන්නේ නෑ. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බිය වන්නේ නෑ. ඒ නිසා අතීතයේ සාරවත් දෙය මත මේ රාජ්‍ය, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප, ඔබ,මා සතු බව විශ්වාස කරනවා. අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින්උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්ථනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය. බිඳීමට වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේ දී වැදගත් වේ. අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනැඟීමට දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සුදානම්. පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසා ගොඩනැගීමට දරන ප්‍රයන්තනයට බාධා කරන්නේ නම් ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරය ඉටුකිරීමට අපි සුදානම්. එයට මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා. මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වන බව ඇත්ත. ඒ ශක්තිය රඳා පවතින්නේ අපේ සමගිය මත පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තිය දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය නිර්මාණය වුවහොත් අපේ ප්‍රධානතම ශක්තිය දුබල වෙනවා. අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දෙකෙන් සිදුවිය හැක්කේ අපි සතු ශක්තිය ස්වයං ලෙසම විනාශ කර ගැනීම හා දුබල කරගැනීමයි. අපි අපේ රටේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩනොදෙන බවත්, ජාතික සමගිය අපේ රටේ ගොඩනඟන බවත්... ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ දී ගොඩනඟමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ ආධිපත්‍ය නිසිලෙස තහවුරු කිරීමෙනි. " අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පත්කිරීම ඉතාම වැදගත් සාධකයක්. මේ කුලුනු මත අපේ රාජ්‍ය ගොඩනැඟිය හැකියි. නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධති විනාශ වූ තැනක, සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බිජුව ගොඩනඟමු යන තේමාව යථාර්ථයක් කළ නොහැකිය. ඒ නිසා අපේ අධිස්ථානය විය යුත්තේ අපේ රට ගොඩනැගීමට අවශ්‍ය පදනම නිර්මාණය කරමින් තිබෙනවා. ඒ කුලුනු මත අපි ශක්තිමත් නොසැල්වෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි."

හෝමාගම රෝහලේ මළ සිරුරක් භාර ගන්න ඇවිත් උණුසුම් තත්ත්වයක් - සිරුර පළමු බිරිඳට හිමි වෙන විට විශ්‍රාම වැටුප දෙවැනි බිරිඳට

හෝමාගම රෝහලේ මළ සිරුරක් භාර ගන්න ඇවිත් උණුසුම් තත්ත්වයක් - සිරුර පළමු බිරිඳට හිමි වෙන විට විශ්‍රාම වැටුප දෙවැනි බිරිඳට