ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නෑ ජනපති කියයි
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති “කම්බන් උළෙල” සඳහා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර ඇත.
දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයක් වන කම්බන් උත්සවයට එක් වූ ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබ තිබේ.
මනුෂ්‍යත්වය පෙරටුකරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී තිබෙන බවත් මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කර ඇත.
මේ රටේ සියලුම ජනතාවට එකමුතුවෙන් සහ සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉටුකරන මෙහෙවර අගයමින් කම්බන් සම්මානයෙන් ජනාධිපතිවරයාව පිදුම් ලැබීමද මෙහිදී සිදුකර ඇත.
ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980දී යාපනයේ පිහිටුවන ලබයි.
තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමඟින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීම මෙහි අරමුණ වෙනු ඇත අතර කලගම් සංවිධානය විසින් වාර්ෂිකව කම්බන් උළෙල සංවිධානය කරනු ලැබ තිබේ .
ශ්‍රී ලාංකික සමාජයේ උන්නතිය සඳහා කටයුතු කළ කීර්තිමත් පුද්ගලයින්ට වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව එහිදී ගෞරව පුද කරන අතර පෙර වසරවලදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයෝ රැසක් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ .