ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - නව පනතක් එයි - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මේ වසරේ සිට අහෝසි කිරීමට පියවර ගන්නා බව සඳහන් කළා.
ඒ අද (25) දින පාර්ලිමේන්තුව අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එම පනත අහෝසි කර සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන සංශෝධනවලට යටත්ව නව පනතක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
මෙම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 1979 වසරේ ජුලි මස 20 වැනි දින එවකට පැවති රජය මඟින් හඳුන්වා දුන් අතර ඉන් පසු පසුගිය 2022 මාර්තු මස 29 වැනි දින එවකට පැවැති රජය මඟින් මෙම පනතේ සංශෝධනයක් සිදුකර සිටියා.
ඒ අනුව එය 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත ලෙසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.