රටම බලා සිටි විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන හෙට ගන්න යන තීරණය - ජනපති හා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම වෙනුවෙන් රජය ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ, අදාළ සාකච්ඡාව හෙට (12) දින පස්වරු 1.00ට පැවැත්වීමට නියමිත බවයි.
ඉකුත් දින විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්ද සිදුකර තිබුණා.
එසේම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය ලෙස මේ වනවිට ගැසට් කර ඇත.
අඳාළ එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් වශයෙන් සංශෝධනය කර තිබෙනවා.
කෙසේ වුවත් නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙසයි.
අඳාළ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් ඉකුත් දා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ ද විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණා.
එම සාකච්ඡාවෙන් පසුව ඔහු පවසා සිටියේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට අවස්ථාවක් සලසා දෙන මෙන් තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.