වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආදයම් බදු සම්බන්ධව ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ ය.

එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බව ය.

ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්නයක් ගැන.. ඇමති විජිත කට අරී.. විශේෂ ප්‍රකාශයක් මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්නයක් ගැන.. ඇමති විජිත කට අරී.. විශේෂ ප්‍රකාශයක් මෙන්න..

එමෙන්ම, මෙම බදු ක්‍රමය හේතුවෙන් වෘත්තියවේදීන් දැඩි අපසුතාවයකට පත්වූ බවත් මේ හේතුවෙන් විවිධ උද්ඝෝෂණ සහ වැඩවර්ජන පවා සිදු කිරීමට සිදු වූ බවත් ඒ මහතා පැවසීය.

අහසට නැග්ග රත්තරන් ආයේ පොළොවට?. හිතා ගන්න බැරි විදිහට අද වුණ දෙය.. දැන් පවුමක මිල මෙන්න..

අහසට නැග්ග රත්තරන් ආයේ පොළොවට?. හිතා ගන්න බැරි විදිහට අද වුණ දෙය.. දැන් පවුමක මිල මෙන්න..

වර්තමාන රජය මෙම බදු සීමාව වැඩි කිරීමට තීරණය කිරීම වෘත්තියවේදීන් ගැන අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න දෙස සිතා බලා ගෙන ඇති තීරණයක් බැවින් එම තීරණය ඉතා වැදගත් බව ද ඔහු මෙහිදී පැවසීය.

මේ හේතුවෙන් වෘත්තියවේදීන් එකමුතුව රැස්වී මෙම බදු ක්‍රමය සාධාරණීකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමටත් ඉදිරියේදී බදු ක්‍රමය ලිහිල් කරන ආකාරය පිළිබඳව සහ පවතින බදු ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව දැනගැනීමටත් මෙන්ම තමන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේ ය.

මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ පසුගිය අවුරුදු දෙක තුළ විශාල බදු ප්‍රමාණයක් අයකර ඇති බැවින් එය අපේක්ෂිත බදු ආදායමද ඉක්මවා ඇති බව ය.

එමෙන්ම බදු නොගෙවන පිරිස් සම්බන්ධව ගෙන ඇති තීරණය කුමක්ද සහ එකතු කරගන්නා ලද බදු කුමන කාර්යන් සඳහා යොදවා ඇත්දැයි යන්න පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමට තීරණය කළ බවත් ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, නව බදු ප්‍රතිපත්තිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් බදු ක්‍රමය සාධාරණ වන තුරු වෘත්තියවේදීන් විසින් අඛණ්ඩව සටන් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

You May Like This Video👇