ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්නයක් ගැන.. ඇමති විජිත කට අරී.. විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අහසට නැග්ග රත්තරන් ආයේ පොළොවට?. හිතා ගන්න බැරි විදිහට අද වුණ දෙය.. දැන් පවුමක මිල මෙන්න..

අහසට නැග්ග රත්තරන් ආයේ පොළොවට?. හිතා ගන්න බැරි විදිහට අද වුණ දෙය.. දැන් පවුමක මිල මෙන්න..

ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බව ය.

එමෙන්ම, හිමාලි අරුණතිලක මහත්මිය මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතර ඇය රට වෙනුවෙන් අදටත් සේවය කරමින් සිටින බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඇය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කරමින් සිටිය දී මෙරට සේවිකාවකට නිසි ලෙස වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කෙරිණ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇය කිසිදු පෞද්ගලික වංචාවක් සිදුකර නොමැති අතර රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයින් සඳහා සේවයේ නිරත අයට වැටුප් ගෙවනු ලබන්නේ ලංකා ආණ්ඩුවෙන් බව ය.

ඒ නිසා හිමාලි අරුණතිලක මහත්මිය මුහුණදුන් අපහසුතාවය පිළිබඳ රජයක් ලෙස තමා කනගාටුවන බව ද මෙම ගැටලුව ලංකාවේ වැටුප් තල අඩු මට්ටමේ පැවතීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් වන බවත් ඒ සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යාංශය හා රජය ඉදිරියේ දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියෙ මෙවැන්නකී,

"තානාපතිවරයෙක් හෝ තානාපතිවරියක්, මහ කොමසාරිවරියක් රැගෙන යන සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුවෙන්. ලංකාවේ ආණ්ඩුවේ වැටුප් තලය ඇත්තටම ගත්තොත් ලංකාවේ ආර්ථිකයට ගැලපෙන ප්‍රමාණයක් තමා අපි ගෙවන්නේ. විශේෂයෙන්ම ඒ ප්‍රමාණය යුරෝපයේ ඔස්ට්‍රේලියාවේ වැනි රටවල වැටුප් තලවලට වඩා අඩුයි. ප්‍රශ්නේ මතුවෙන්නේ ඒකත් එක්ක. එතුමි පුද්ගලිකව ඒ ලබාදුන් සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුව. ඒක ඔස්ට්‍රේලියාවේ වැටුප් තලවලට වඩා අඩුයි. ඒ සමග තමයි ඇයට විරුද්ධව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව නීතිමය පියවර අරගෙන තිබුණේ. ඒක එතුමිය පෞද්ගලිකව මුහුණදුන්නා වගේම විවිධ රටවලට රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට යන බොහෝදෙනෙක් මුහුණදෙන ගැටලුවක්. මෙහිදී මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි හිමාලි අරුණතිලක මහත්මිය කිසිදු වංචාවක්, හොරකමක් කරලා නෑ. නමුත් එහෙ රටේ නීතියට අනුව තමයි ඔය නීතිමය තීන්දුව උසාවිය දීලා තියෙන්නේ. අපි මේ ගැන රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු කාරණයක්. අප්‍රිකානු රටවල වැඩකරද්දි ඕකේ අනිත් පැත්ත. ඕක තමා ඇත්ත කතාව."

You May Like This Video👇 

.