කලා ලෝකෙම හඬවා අවසන් හුස්ම හෙළු ඒ මියුරු හඬ සදහටම ලොවෙන් සමුගන්න දවස හෙට - අද සහ හෙට සියලු කටයුතු ගැන දන්වයි [UPDATE]
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසන බව සඳහන්.
ඒ අනුව ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත.
කලා පවුලක් මැද හිඳ අතිශය ජනප්‍රිය ඔහුගේ වියෝව රටම හඬවයි - අවසන් කටයුතු පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි රටටම දන්වයි {9.46AM}
........................................................
ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති පුවත මේ වන විට සමාජ මාධ්‍ය පුරාවට මහත් සංවේගය දනවන පුවතක් වී ඇත.
ඒ අනුව ඔහුගේ දේහය අද (02) දින කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඔහුගේ බිරිද වන ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක සඳහන් කර ඇත.
කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) දින රාත්රියේදී මෙසේ අභාවප්‍රාප්ත වී තිබුණා. මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණ ඔහු නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, ගායන ශිල්පී චලක චමුපතිගේ සහෝදරයා ද වේ.
එසේම මෙරට සංගීත ක්ෂේත්රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80 - 90 දශකවල අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙස ඔහු ජනප්‍රියත්වයට පත්ව ඇත.
එමෙන්ම පිය උරුමයෙන් ලද ගීත සිය මියුරු හඬින් සංගීත ලෝලීන්ට දායාද කළ ඔහු තවත් ගීත රැසකින් ශ්‍රාවක හදවත් පිනවූ ගායන ශිල්පියෙක් වූ අතර එම ගීත අතර රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සිහින දෙව්දුවේ, පිස්සු විකාරේ, අගාධ සාගරයේ, සමාන වී ඉපදී දිවි තලාවේ සහ පෙර ආත්මයක එක රාත්‍රියක වැනි ගීත විශේෂ වේ.