චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ මරණය මේ වනවිට සිනමා ක්ෂේත්රයම දැඩි ශෝකයට පත්කර ඇත.
නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ආකාරයට මියගොස් සිටියදී හමුවූ බව වාර්තා විය.
ඇය වෙනුවෙන් ශෝක පණිවිඩ තැබූ ඇයගේ සමීපතයන් අතර ජනප්‍රිය නිලි පියුමි හංසමාලි විසින් තැබූ සටහන් මේ වනවිට රසිකයන්ගේ සිත් දැඩි ලෙස කම්පාවට පත් කර ඇත.
ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි
එමෙන්ම මියගිය චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ දරුවා සහ ඇයගේ මව පියුමි හංසමාලි විසින් භාර ගැනීමට කැමැත්ත දැක්වීම රසිකයන්ගේ දැඬි ප්‍රසාදයට හේතු වී ඇත.
ජනප්‍රිය නිලි පියුමි හංසමාලි විසින් තැබූ සටහන පහතින්,
නින්ද යන්නෙ නැති නිසා නිකමට fb එකට ආවා.ආව ගමන් මෙ post එක දැක්කා 😭 ජිවිතෙ මොන පැත්ත බැලුවත් දුකක්ම තමයි මෙක කියව්වා ඇත්තමයි පපුවත් එක්ක පිච්චිලා ගියා 😭 මට මෙවා කියවන්න බැ දුකයි මම එච්චරටම සංවෙදි ගැහැනියක්. මෙ මව කියන චරිතය ඇතුලෙ මමත් දරැවෙක් උස් මහත් වෙනකල්ම තනියම දරැවෙක් හදපු මවක් විදිහට දරැවෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් ගෙ දුක කදුලු මට හොදටම දන්නවා. චුලා අක්කිගෙ hubby ගැන මම කිසිම දෙයක් දන්නෙ නැත කාගෙ කව්ද කියලා වත් දන්නෙ නැත ඉතිං එ තාත්තා ඉදිරිපත් නොව්නොත් එ ආච්චියිවයි පුතයි ❤️ ජිවිත කාලෙම මම බලා ගන්නම් මගෙ අම්මයි දරැවයි බලනවා වගෙ මම එයාලාට සලකන්නම්🙏 මට තියනකල් මම හැමොටම සලකනවා එ මගෙ හැටි its me piumi hansamali