ලංකාවෙත් ආහාර හිඟයක්? - රටේ අත්‍යාවශ්‍ය ආහාර සංචිතය ගැන ජනපති අනුර විශේෂ තීරණය මෙන්න.
Food Shortages
Anura Kumara Dissanayaka
Sri Lanka Food Crisis
Iran-Israel Cold War
AKD
By Wayomi
මේ වන විට රටතුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නොමැති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වන අතර ඇතැම් රටවල මේවන විට පවතින යුධ ගැටුම් අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනය කිරීමට බාධාවක් වී නොමැති බව එම සංගමය සඳහන් කරනවා.
ඒ, අනුව ඉදිරි උස්සව සමයේදී හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදීයි.
උත්සව සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී එම සංගමයේ නියෝජිතයින්ට දැනුම්දී ඇත.