සියලු සැප අතාරින ජනපති.. ගිලන් රථයත් ජනතාවට පුදයි
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබූ, එහෙත් සක්‍රීය රාජකාරී වෙනුවෙන් යොදා නොගත් ගිලන් රථයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාව සඳහා මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගිලන් රථය නිල ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුව ඇත. අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එම ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත පිරිනමා තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ රෝගී ප්‍රවාහන කටයුතු සහ හදිසි ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහායි.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
එමෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා වෙන් කර තිබූ සම්පත්, ඒවායේ ප්‍රයෝජනය උපරිම වන ආකාරයට මෙසේ මහජන සේවාවන් සඳහා යොමු කිරීම විශේෂත්වයක් වේ.
කෙසේ වෙතත් මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයුම්) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් සහ අධ්‍යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.
මේ අතර මින් පෙරත් ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ කාමරයද ජනසතු කිරීමට කටයුතු කර තිබුණා.