එක්සත් ජනපදයේ ප්‍රධානියෙක් දවස් ගාණකට ලංකාවට - හේතුව මෙන්න

Report

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර් අද (19) දින සිට 21 වැනි දින තෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මෙම සංචාරය අතරතුර, අද්මිරාල් කේලර් මෙරට රජයේ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමග සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම, අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ පොදු වටිනාකම් පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති බව සඳහන්.

ලොව විශාලතම නාවික බලඇණි විධානය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණිය ලෝකයේ අඩකට ආසන්න ප්‍රදේශයක් පුරා ක්‍රියාත්මක වෙමින්, වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා හවුල්කරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කරයි.

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

මේ අතර අද්මිරාල් කේලර්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය, ගෝලීය සමුද්‍රීය මාර්ග එකිනෙක හමුවන මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාවට එක්සත් ජනපදය ලබාදෙන උපායමාර්ගික වැදගත්කම අවධාරණය කරයි.

එමෙන්ම සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ සිට දේශසීමා සීමා ඉක්මවමින් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම තෙක්, පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමේදී ඔවුන් ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කරන බව සඳහන් කර ඇත.

මෙම හවුල්කාරිත්වයන් ස්වෛරීභාවය ආරක්ෂා කරමින් නිදහස් හා විවෘත ඉන්දු–පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කරන බවට ද ඔවුන් සඳහන් කර තිබීම විශේෂත්වයක්.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

විස්සයි20 කඩුලු 700 - රෂිඩ් ඛාන් ඉතිහාසගත වෙයි

විස්සයි20 කඩුලු 700 - රෂිඩ් ඛාන් ඉතිහාසගත වෙයි