වර්ජනය කල තැපැල් සේවකයන්ව සේවයෙන් නෙරපයි?

Report

තැපැල්පතිවරයා විසින් සියලුම තැපැල් සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ බව සඳහන් කරමින් 2025.08.17 දින සිට අඛණ්ඩව නිවාඩු ලබා සිටි සියලු තැපැල් සේවකයන් වෙත තැපැල්පති ඩී.එම්.ඩී.ආර්.බී. සත්කුමාර මහතා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

එම ලිපියෙහි මෙසේ සඳහන් වේ. 

2025 අගෝස්තු මස 05 වන දින සිට ඇරඹි වර්ජනය හේතුවෙන් තැපැල් සේවාවන් අඩාල වී ඇති අතර, තැපැල් සේවකයන්ට නිවාඩු අනුමත කර නොමැති බැවින් සියලුම තැපැල් සේවකයන් වහාම සේවයට වාර්තා කළ යුතුයි.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන්ගේ සේවය අතහැර දැමූ සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

රජයේ සේවකයන්ට ඉදිරි සති දෙකේ මේකයි වෙන්නේ - චක්‍රලේඛය කාර්යාලයට

රජයේ සේවකයන්ට ඉදිරි සති දෙකේ මේකයි වෙන්නේ - චක්‍රලේඛය කාර්යාලයට

තවද, රාජකාරි සඳහා වාර්තා කිරීමට නොහැකි අසනීප තත්වයක් ඇති සේවකයින් වෙත එම සේවය කරනු ලබන වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද සහතිකයක් ඉදිරිපත් කරන ලෙස ද තැපැල්පතිවරයා නියම කරයි.

මීට අමතරව, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් නොවන නිලධාරීන්ගේ සේවා තොරතුරු XV වන පරිච්ඡේදයේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ. මෙම නිවේදනය අනුව, සියලුම තැපැල් සේවකයන් වහාම සේවයට වාර්තා කළ යුතු අතර, එසේ නොකරන අයගේ සේවය අතහැර දැමූ සේ සලකා කටයුතු කරනු ඇත.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

 

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

Gallery