ආණ්ඩුවේ IMF පෙම්වතිය හින්දා තැපැල් - දුම්රිය සෞඛ්‍ය - සරසවි වර්ජන රැල්ලක්

IMF Sri Lanka Strike Sri Lanka Ravi Kumudesh Budget 2025
By Shehan Mar 23, 2025 04:03 AM GMT
Shehan

Shehan

Report

අතිකාල, නිවාඩු දින දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීමට එරෙහිව තැපැල්, දුම්රිය, සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සූදානම් වෙති.

මෙම තීරණය ගනු ලැබුවේ එම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති නායකයන් ඇතුළු නියෝජිතයන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවකදී ය. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, මෙවර අයවැය යෝජනා හරහා යම් වැටුප් වැඩිවීමක් සිදු කළද, එම වැඩිවූ මුදල මාසික වැටුපෙන් කප්පාදු කිරීමට ලක් වන බවයි.

යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී..

යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී..

රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතත්, එහි කිසිදු ඵලක් නොමැති වීම නිසා, ඉදිරියේදී සියලු වෘත්තීය සමිති එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට තීරණය කළ බව ඔවුහු සඳහන් කරති.

වෘත්තීය සමිතිවල මතයට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙලෙස වැටුප් කප්පාදු සිදු කෙරේ.

ඒ අනුසාරයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසාන ඉලක්කය වී ඇත්තේ තැපැල්, දුම්රිය, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක යම් කොටසක් පෞද්ගලීකරණය කිරීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් වෘත්තීය සමිති වෙනුවෙන් අදහස් දක්වමින් පැවසීය.

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට මෙවැනි වැටුප් කප්පාදු ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

ReeCha