තැපැල් ඡන්ද විමසීම් අද සිට...

Report

අද (04) දිනයේ සිට ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ආරම්භ විය.

ඒ අනුව, අද දිනයේ සිට මැතිවරණ කොම්ෂන් සභා කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ජේෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද ලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

විදෙස්ගත ලාංකිකයින් ලක්ෂ 16කගේ ඡන්ද අහිමියි...

විදෙස්ගත ලාංකිකයින් ලක්ෂ 16කගේ ඡන්ද අහිමියි...

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, අද (04) දිනයට අමතරව ලබන හයවන දිනද තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා අදාළ ස්ථානවලම අවස්ථාව ලබා දී ඇති බව ය.