පොසොන්ට දන්සල් 7,021ක්

Report

පොසොන් උත්සවයට සමගාමීව අද (8) වන විට දිවයින පුරා දන්සැල් 7021ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මිහින්තලේ පුදබිම ආශ්‍රිතව දන්සැල් 98ක් සහ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව දන්සැල් 193ක් ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇති බවත්, උතුරු මැද පළාතේ වැඩි දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති නිසා එම ප්‍රදේශයේ පරීක්ෂණ සඳහා වැඩි නිලධාරීන් පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

දන්සැල් පැවැත්වීමට පෙර ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සූදානම් බවත් මුතුකුඩ මහතා පැවසීය.

ආයේ වතුර බිල ගෙවන්න තියෙන්නේ ONLINE ලු..

ආයේ වතුර බිල ගෙවන්න තියෙන්නේ ONLINE ලු..

සියලුම දන්සැල් පොසොන් පොහෝ දිනට පෙර, දන්සැල් ලබාදෙන අවස්ථාවේදී සහ අවසන් වූ පසු අනිවාර්යයෙන් පරීක්ෂාවට ලක් කරන බවද ඔහු අවධාරණය කළේය.

බෝවන රෝග ඇති පුද්ගලයින් දන්සැල් සංවිධානයෙන් හා ඒවාට සහභාගී වීමෙන් වැළකී සිටින ලෙසත්, මේ දිනවල බෝවන රෝග සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් සෞඛ්‍ය පුරුදු හැකි තරම් අනුගමනය කරන ලෙසත් මුතුකුඩ මහතා ඉල්ලා සිටියේය.

ජනතාවට මෙන්න රතු නිවේදනයක් - විදුලි කප්පාදුවටත් සූදානම් වන්න

ජනතාවට මෙන්න රතු නිවේදනයක් - විදුලි කප්පාදුවටත් සූදානම් වන්න

ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ

ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ

පොසොන් සතිය පුරාවට දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරන බවත්, අපිරිසිදු ලෙස ආහාර පිළියෙල කරන හෝ සනීපාරක්ෂක තත්ත්වයන්ට හානිකර ආකාරයෙන් ආහාර සකසන දන්සැල් එම ස්ථානවලදීම වසා දැමීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති සමාව දීමේ සිද්ධිය - අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

ජනාධිපති සමාව දීමේ සිද්ධිය - අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට