කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

By Hashan May 12, 2025 06:09 AM GMT
Report

මීටර් 254 ක දිගින් යුත් එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙය ඉතාලි ධජය සහිත නෞකාවකි.

මෙම නෞකාව අද උදෑසන කොළඹ වරායට පැමිණ තිබුණු අතර මැලේසියාවේ සිට ඊයේ (11) රාත්‍රීයේ හම්බන්තොට වරායට ළගා වී තිබෙනවා. 

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

කෙසේ වෙතත් අදාළ නෞකාව අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.   

මගීන් 2,022 දෙනෙක්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 628 කින් මෙම නෞකාව සමන්විත වන අතර ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, බෙල්ජියම ඇතුලු රටවල් 30 කට ආසන්න සංචාරකයින් එහි පැමිණ තිබෙනවා.

මෙම සංචාරකයින් කොළඹ, පින්නවල, මහනුවර සහ මීගමුව යන සංචාරක ගමනාන්ත අද දිනයේදී නැරඹීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ .

චෙස් ක්‍රීඩාවට තහනමක්..

චෙස් ක්‍රීඩාවට තහනමක්..

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන