පාසල් වල අතිරික්ත ගුරුවරුන්ට වෙන දේ මෙන්න නව රජයෙන් දැඩි තීරණයක්..

Report

නව රජය බලයට පත්වීමත් සමඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට නියමිත විය.ඊට සාපේක්ෂව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, පාසල්වල අතිරේක ගුරුවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙසයි.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

මෙම උපදෙස් ලබාදීමට හේතුව වී ඇත්තේ, ග්‍රාමීය පාසල්වල සිසුන් සංඛ්‍යාව අඩු වුවද, එම පාසල්වල ගුරුවරුන්ගේ සංඛ්‍යාව අධික බවට ලැබී ඇති තොරතුරු ය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ, ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවත්, එම තත්ත්වය හඳුනාගෙන 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව, දිවයින පුරා ගුරු බඳවා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ය. එහිදී අදහස් දැක්වූ එතුමා,

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

“දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව, ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් පාසල්වල සිසුන් ඉතා අඩු ගණනක් සිටිනවා. නමුත් එම පාසල්වල ගුරුවරුන්ගේ සංඛ්‍යාව අනවශ්‍ය ලෙස වැඩි බව පෙනී යනවා. ඒ වගේම, විශේෂයෙන්ම ඇතැම් පාසල්වල ගුරු හිඟයක් ද පවතිනවා. මේ තත්ත්වයන් හඳුනාගෙන, ගුරුවරුන්ගේ බඳවා ගැනීම සහ බෙදා හැරීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපි සැලසුම් කරනවා,”

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 2026 සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී පාසල්වල සිසුන්ගේ සංඛ්‍යාව, විෂයමාලාවේ අවශ්‍යතා, සහ ගුරුවරුන්ගේ විෂය දැනුම යනාදී සාධක සැලකිල්ලට ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මෙම ප්‍රතිසංස්කරණ මගින් ගුරුවරුන්ගේ බෙදාහැරීම සමබර ලෙස සිදු කිරීමත්, ග්‍රාමීය හා නාගරික පාසල්වල අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් අරමුණු කර ඇත.

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් ගුරුවරුන්ගේ විස්තර ඇතුළත් වාර්තා ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, එම වාර්තා මගින් ගුරු හිඟය සහ අතිරේක ගුරුවරුන් සිටින පාසල් හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.