රසිකයන් පිස්සු වට්ටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් හිටි හැටියේ ජීවිතක්ෂයට
By Kaushi
ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළියක් වූ ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මියයන විට ඇගේ වයස අවුරුදු 38ක් බව සඳහන්.
ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක සිට පැවති පිළිකා රෝගී තත්ත්වයක් නිසා බව ප්‍රකාශ කරයි.
ප්‍රියා මරාතේ 1987 අප්‍රේල් 23 වන දින මුම්බායි හි උපත ලැබූ අතර සිය පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද මුම්බායි හිදී අවසන් කර තිබෙනවා.
පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, 'Ya Sukhanoya' සහ 'Char Divas Sasuche' යන මරාති කතා මාලා ඔස්සේ තම රංගන දිවිය ආරම්භ කර ඇත.
අනතුරුව ඇය 'Pavitra Rishta' හි වර්ෂා සතිෂ් (Varsha Satish) ගේ චරිතය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබුණා.



