තවත් ඛේදනීය පුවතක්. - බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ සාමණේර දෙනමක් රෝහලේ.
විහාරාධිපති හිමියන් විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජන කළ සාමණේර හිමිවරුන් දෙනමක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව කෑගල්ල පොලිසිය පෙරේදා
(10) සඳහන් කළා.
කෑගල්ල මහ රෝහලේ අංක 08 ළමා වාට්ටුවේ මෙලෙස නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින්නේ කුලියාපිටිය ප්රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි කෑගල්ල පොලිස් වසමේ මොළගොඩ ප්රදේශයේ උපන් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනමක්.
සාමණේර හිමිවරුන් දෙනම ගෙන් එක් නමකගේ මවුපියන් ඉතා අන්ත අසරණ බවත් මව කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, සාමණේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී ඇති බවත් විවාහ වූ තරුණායාගේ 11 හැවිරිදි සහෝදරයා සමඟ මීට වසරකට පමණ ඉහතදී කුලියාපිටිය ප්රදේශයේ විහාරස්ථානයකදී දෙදෙනා සසුන් ගත කර ඇති බවත්ය.
මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන තරුණ හිමිනමක් ඉකුත් දින කිහිපය තුළ දී බරපතළ ලිංගික අපයෝජනයක් සාමණේර හිමිවරුන් දෙනමට සිදු කර ඇති බවත්, පසුව හිමිවරු දෙනම ඉවසා දරා ගත නොහැකි තැන අසල නිවසකට ගොස් දුරකතනයෙන් මවුපියන්ට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇත.
අනතුරුව පියා පසුගිය (09) කුලියාපිටිය විහාරස්ථානයට ගොස් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙදෙනා ආපසු නිෙවසට රැගෙන ඒමට ගිය අවස්ථාවේදී සැකකාර තරුණ හිමිනම සාමණේර හිමිවරුන් දෙනමගේ සිවුරු ගලවා දමා පහර දීමක් සිදු කර තිබෙනවා.
ඉන් පසුව පියා 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනම රැගෙන කෑගල්ලට පැමිණ කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සාමණේර හිමිවරුන් දෙනමට බරපතළ ලිංගික අපයෝජන සිදු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය හිමිවරුන් දෙනමගේ ප්රකාශ ගෙන කුලියාපිටිය පොලිසියට භාර දෙන ලද බව කෑගල්ල පොලිසිය පවසා ඇත.