රුමේනියා රැකියා වංචාවෙන් කෝටි 92ක් මංකොල්ලකා පලාගිය සැකකාරිය සොයා පොලිසිය මහජන සහය පතයි

Report

රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති “Rainbow Garments Technologies (Pvt) Ltd” නමැති පුද්ගලික ආයතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන සිදු කරමින් පවතී.

මෙම විමර්ශනයේදී පුද්ගලයින් 750කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි 92කට අධික මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී ඇත.

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, මෙම වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කළ සැකකාරියට විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මේ වනවිට සැකකාරිය ප්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහායද ඉල්ලා සිටියි. 

වෙසක් බලන්න යන්න කලින් මේක කියවන්න - පොලිසියෙන් මහජනතාවට හදිසි නිවේදනයක්

වෙසක් බලන්න යන්න කලින් මේක කියවන්න - පොලිසියෙන් මහජනතාවට හදිසි නිවේදනයක්

සැකකාරියගේ විස්තර 

🔹නම:- ෂර්ලි ජයර්වධන අමදෝරු

🔹වයස:-අවුරුදු 54

🔹ලිපිනය :- අංක, 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගම

🔹ජාතික හැදුනුම්පත් අංකය :-716032531V

🔹සැකකාරියගේ ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර, සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය

දුරකථන අංක -

🔹ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විර්මශන ඒකක 01 - 071-8594910

🔹අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව - 011-2444172


Gallery