යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරයත් අති සාර්ථකයි..
By Piyumika
යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රවශ වැටලීම් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ (06) දිනය තුළ සිදුකෙරූ මුළු වැටලීම් 780කට අදාළව සැකකරුවන් 750ක් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
ඉන් සැකකරුවන් 22ක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට ද, තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිත බවද සඳහන් වේ.
මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත තුළ වැටලීම් 503ක් ද දකුණු පළාත තුළ වැටලීම් 62ක්ද සිදුකළ බව පොලීසිය පැවසීය .