ඉරාකයේ ඇමරිකානු කඳවුරකට ප්‍රරහාරයක්.-තවදුරටත් ප්‍රහාර නොඉවසන් බව ඇමරිකාව පවසයි..
By Piyumika
ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තාවේ .
විදෙස් වාර්තා සඳහන් කරනුයේ අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවය.
ප්‍රහාරයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයන් පස් දෙනෙකු සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ තම නිලධාරීන්ට එරෙහි එල්ල වන ප්‍රහාර එක්සත් ජනපදය නොඉවසන බවය.
ඉරාක රජයේ ආරක්ෂක මාධ්‍ය අංශය පැවසුවේ දියත් කිරීමට සූදානම් කර තිබූ රොකට් 8ක් සහිත ට්‍රක් රථයක් එරට හමුදා භාරයට ගෙන ඇති බව සහ හමුදා කඳවුරට ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය.