කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි

Report

පකිස්තානයේ සින්ද් පළාතේ, විශේෂයෙන් කරච්චි හි රජයේ රෝහල්වල ඇඳන්, වෙන්ටිලේටර් යන්ත්‍ර, සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතින බවත්, මේ හේතුවෙන් රෝගීන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Express Tribune හි වාර්තාවකට අනුව, මෙම තත්ත්වය හමුවේ සින්ද් පළාතේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇත.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

කරච්චි නගරයේ ප්‍රධාන රෝහල්වල ඇඳන් 6,500ක් සහ වෙන්ටිලේටර් යන්ත්‍ර 250ක් පමණක් ඇති අතර, වෛද්‍යවරුන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ හිඟයත් සමඟ, දැනට පවතින රෝගීන්ගේ ඉල්ලුම පවා කළමනාකරණය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

කරච්චි රෝහල්වල ඇඳන් සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතාවන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ. දිස්ත්‍රික් රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීම සහතික කිරීමත්, එම රෝහල්වල ද්විතීයික සත්කාර සේවා සැපයීමත් මගින්, ජිනා රෝහල හා සිවිල් රෝහල වැනි ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අවම කළ හැකි බවට යෝජනා ඉදිරිපත් වී ඇත.

අස්වැසුමද සමෘද්ධියද?

අස්වැසුමද සමෘද්ධියද?

කරච්චිහි දිස්ත්‍රික් රෝහල්වල ඇඳන්වලින් 60%ක් පමණ දැනට පිරී ඇති බව සඳහන්. මෙම රෝහල් මූලික සෞඛ්‍ය සේවා සපයන නමුත්, පරිපූරක වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය මෙන්ම, නිර්වින්දන වෛද්‍යවරුන්, වකුගඩු රෝග විශේෂඥයින්, සහ පෙනහළු රෝග විශේෂඥයින් වැනි විශේෂඥයින්ගේ හිඟයක් ද පවතී. 

වැඩි බඩ අඩු කරලා ඉක්මනට ඉන හැඩ කර ගන්න ඕනේ නම් මේක බීලාම බලන්න

වැඩි බඩ අඩු කරලා ඉක්මනට ඉන හැඩ කර ගන්න ඕනේ නම් මේක බීලාම බලන්න