බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න [PHOTOS]

Report

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවැනි දිනටත් අද (20) ක්‍රියාත්මක විය.

සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ අතර තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය නමින් (Union Of Post & Telecommunication Officers ) ඇති ෆේස්බුක් පිටුව හරහා මෙම වර්ජනයට අදාළ දත්ත හා කරුණු පළ කිරීමද දක්නට ලැබුණි. එහිදී එම පිටුවෙන් සජීවීව වීඩියෝ පට මුහුණු පොතට උඩුගත වූ අතර එහිදී විජිත උභේවර්ණ නම් පුද්ගලයා ඇදුම් කැබලි එල්ලමින් විරෝධතාවය ප්‍රකාශ කල වීඩියෝ පට දෙකක් සජීවීව විකාශය විය.

ඇදුම් කැබලි හැදගත් එම පුද්ගලයා ප්‍රකාශ කලේ නිල ඇදුම් මැසීමට රු.600ක මුදලක් වැය වන බවත් එමනිසා මේ ආකාරයට බාගයට ඇදුම් ඇදීමට සිදුවූ බවත් මේ ස්මාර්ට් තැපැල්කරුවා බවත් ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන මෛත්‍රීපාල සිරිසේනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන මෛත්‍රීපාල සිරිසේනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තවද ඔහු ප්‍රකාශ කර සිටියේ තැපැල් සේවකයන් 2200ක් පමණ තවමත් ස්ථිර නොකර සිටින අතර ලිපි බෙදා දීමට සේවයට යන්නන්ට පාපැදි දීමනාව වැඩි කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

නමුත් මෙම වීඩියෝ දර්ශන වලින් පසුව ජනතාව ප්‍රකාශ කරන්නේ මොහු යම් දේශපාලන පක්ෂයක් හා දේශපාලකයන් සමග සම්බන්ධ පුද්ගලයෙකු බවත් පෞද්ගලික වාසි පතා ඔහු මේ ආකාරයෙන් හැසිරෙන බවත්ය. 

ඒ අනුව මුහුණු පොතින් ජනතාව පළ කල අදහස් හා චායාරූප පහතින්, 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery