පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - අනිවාර්යෙන් පිළිපදින්න
උත්සව සමයේ ගිනිකෙලි භාවිතයේ දී ආරක්ෂිතව මෙන්ම අවට සිටින ජනතාවට හිරිහැර නොවන පරිදි කටයුතු කළ යුතු බව පොලිසිය පවසයි.
එසේම සංගීත ප්‍රසංග පැවැත්විමේදී ද පොලිසියේ සහ ආරක්ෂක අංශවල නිසි උපදෙස් පිලිපැදිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර යම් පුද්ගලයෙක්, කණ්ඩායමක් දේපළක් සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය (119) අමතා දැනුම්දෙන ලෙස නිවේදනය කර ඇත.