දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

Report

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇත.

මෙම පනතේ වගන්තිවලට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් හැක්කේ යම් කතාවක් හෝ ප්‍රකාශයක් මඟින් යුද්ධය පැතිරවීම නැතහොත් වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමෙන් පසුව බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

එසේ අත්අඩංගුවට ගැනීමක් සිදුකරන්නේ නම් එම අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ පොලිස් නිලධාරියා විසින් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත දැනුම්දී පූර්ව ලිඛිත අනුමැතියක් ලබාගත යුතු බවට මෙහිදී පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන් යම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්වලට පොදුවේ ජන සමාජයට හිත් රිදවීමක් හෝ අපහසයක්, දේව අපහාසයක් සිදුවූ පමණින් එය සිවිල් හා දේශපාලන අයිතිසිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට හේතුවක් වශයෙන් නොසැලකිය යුතු බව ද පොලිස්පතිවරයා නිකුත් කළ අඳාළ මාර්ගෝපදේශවල දැක්වෙන බව සඳහන්.

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

එමෙන්ම මෙම විධි විධානවලට පටහැනිව කටයුතු කිරිම හෝ එම විධිවිධාන අවභාවිත කර ඇති බවට හෙළි වුවහොත් එම විමර්ශන නිලධාරින්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ අයට සුබ ආරංචියක් - බලන් හිටපු වැඩිහිටි දීමනාව අද බැංකුවට

මේ අයට සුබ ආරංචියක් - බලන් හිටපු වැඩිහිටි දීමනාව අද බැංකුවට

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්