පොලිස් නිලධාරියෙක් පාසලට පැනලා කිරිසප්පයට ගහලා

Report

නවගමුව පොලිසිය වාර්තා කරන්නේ පාසලකට කඩා 9 හැවිරිදි දරුවකුට පහර දුන්නැයි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ තහනමට ලක් වූ කොස්තාපල්වරයෙක් වන අතර පහර කෑමට ලක් වූ දරුවා රෝහල් ගත කර ඇත.

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

සැකකාර කොස්තාපල්වරයාගේ දියණිය සහ පහර කෑ දරුවා එකම පාසලේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර තවත් දරුවන් කීප දෙනකු සමඟ එකතුව සෙල්ලම් කරමින් සිටියදී දැරිය තල්ලුවී බිම වැටීමෙන් ඉදිරි දතේ කොටසක් කැඩී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙයින් උරණවූ දැරියගේ පියා වන සැකකරු පන්ති කාමරයට කඩා වැදී එම දරුවාට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇති අතර අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පන්ති පාර ගුරුවරියගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇත.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කොහුවල පොලිසියේ සේවය කරමින් සිටියදී ඉකුත් 2022 ඔක්තෝබර් මස යතුරුපැදියක් පොලිස් ස්ථානයට රැගෙන විත් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් නොකර ස්ථානයේ රඳවා ගැනීම හේතුවෙන් රාජකාරී වැඩ අත්හිට වූ නිලධාරියකු බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. ලයනල්ගේ උපදෙස් මත විමර්ශන සිදු වේ.

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා