අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..

Sri Lanka Police Sri Lanka Police Investigation Russia Latest Headlines Decision Making
By krishani Jun 21, 2024 06:40 PM GMT
krishani

krishani

Report

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබාදෙන බව පවසා සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාවේ සිසුන් රැගෙන ගොස්, ඔවුන්ගේ මුදල් වංචානික ව ලබාගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වීය.

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න.. | Police Arrested One Person At Negombo

ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ගැණින.

මෙම සැකකරුව (20) වෙනිදා රාත්‍රියේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

32 හැවිරිදි සැකකරු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටාන ප්‍රදේශයේ සිසුවෙකුව රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කර ඇති බව සඳහන් වේ.

පාසල් දැරියකට 5ක් එකතු වෙලා කළ නොහොබිනා වැඩේ - පොසොන් පෝය දවසෙම මෙහෙම දෙයක් අහන්න උනානේ..

පාසල් දැරියකට 5ක් එකතු වෙලා කළ නොහොබිනා වැඩේ - පොසොන් පෝය දවසෙම මෙහෙම දෙයක් අහන්න උනානේ..


ඒ පිළිබඳව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළ ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගනිමින් මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී‍ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතරව මොහුට එරෙහි ව මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17ක් , කුලියාපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි 02 ක් ද , කුරුණෑගල පොලිසියට පැමිණිලි 03 ක් ද ,නාරාහේන්පිට පොලිසියට ලැබී තිබූ එක් පැමිණිල්ලක් ද ඒ අතර වේ.

ඒ මත දීර්ඝ විමර්ශනයක් සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙන්න මේ කඩවල් වලින් ඔයත් කන්න ගියා ද - එහෙනම් ඔක්කොම පැත්තකට දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න වෙයි?.

මෙන්න මේ කඩවල් වලින් ඔයත් කන්න ගියා ද - එහෙනම් ඔක්කොම පැත්තකට දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න වෙයි?.


මෙම පුද්ගලයා මෙසේ රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය ද මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සමග එයින් බේරීම සඳහා අදාළ සැකකරු මෙරටට පලා ඇවිත් ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව විශේෂ අපරාධ විමර්ශන විසින් ක්‍රියාත්මක කරනු ලබයි.