පාසල් දැරියකට 5ක් එකතු වෙලා කළ නොහොබිනා වැඩේ - පොසොන් පෝය දවසෙම මෙහෙම දෙයක් අහන්න උනානේ..

Report

17 හැවිරිදි වියේ පසු වුන පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

පාසල් දැරියකට 5ක් එකතු වෙලා කළ නොහොබිනා වැඩේ - පොසොන් පෝය දවසෙම මෙහෙම දෙයක් අහන්න උනානේ.. | Kidnapping Of A Schoolgirl At Hanwalla

ඒ බව හංවැල්ල පොලිසිය සඳහන් කළේ ය.

මෙම දැරියව හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් ඇති බව සඳහන් වේ.

එම සිද්ධියට සම්බන්ධ තරුණයින් පස් දෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව හංවැල්ල පොලිසිය පැවසීය.

මෙම පාසල් ශිෂ්‍යාව ඇගේ පෙම්වතා හමු වීමට ගොස් ඇති අතර පසුව නැවත නිවස බලා එමින් සිටි‍ය දී මග දී යතුරු පැදිවලින් පැමිණි තරුණයින් පස් දෙනෙකු විසින් ශිෂ්‍යාව බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනූව ඇය යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ හදමින් තිබූ ආදාහනාගාරයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදී පාසල් දැරිය සමූහ වශයෙන් දූෂණය කොට ඇති බව දැරිය විසින් සිදුකල පැමිණිල්ලේ සදහන් වේ.

දූෂණයට පත් දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පැවසීය.

මෙන්න මේ කඩවල් වලින් ඔයත් කන්න ගියා ද - එහෙනම් ඔක්කොම පැත්තකට දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න වෙයි?.

මෙන්න මේ කඩවල් වලින් ඔයත් කන්න ගියා ද - එහෙනම් ඔක්කොම පැත්තකට දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න වෙයි?.


ඇය අද (21) පෙරවරුවේ ඇයගේ මවගේ නැගණිය සමග දන්සැලක් වෙත ගොස් තිබෙනවා.

එහිදී පුංචි අම්මාට යමක් පවසා පෙම්වතා හමුවීමට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් අරඹා තිබෙන බවත් වහාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇති බව සඳහන් වේ.