දින පහකට පාර්ලිමේන්තු හංදිය පැත්තට යන්න එපාලු! - මෙන්න දැන් ලැබුණු නියෝගය!

Sri Lanka Police Sri Lankan protests SL Protest Law and Order
By Shehan 16 hours ago
Shehan

Shehan

Report

2025.03.17 වන අද දින සිට 2025.03.21 දක්වා වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආසන්නයේ විරෝධතාකරුවන් පිරිසක් විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරු මත, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ කරන ලද ඉල්ලීමකට අනුව, කොළඹ ප්‍රධාන අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය විසින් පහත වග උත්තරකරුවන් වන,

  1. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ,
  2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්,
  3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක,
  4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල,
  5. සහ එම විරෝධතාවට සහභාගී වන අනෙකුත් පුද්ගලයින් වෙත,

"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

 2025.03.17 සිට 2025.03.21 දක්වා පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී හෝ සත්‍යග්‍රහයේදී, මාර්ග භාවිත කරන මහජනතාවට හෝ පදිකයින්ට බාධාවක් වන පරිදි මාර්ග හරස් කිරීම, විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම තහනම් කර ඇත.

මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන ආකාරයට හෝ රාජකාරි ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ට බාධාවක් වන ලෙස උද්ඝෝෂණ කිරීම ද තහනම් වන අතර, කිසිදු පුද්ගලයෙකුට අපහසුතාවක් නොවන ආකාරයෙන් උද්ඝෝෂණය පැවැත්වීමට සියලු වග උත්තරකරුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් වගකිව යුතුය.

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!

එසේම, කිසිදු අවස්ථාවක මාර්ග අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇති අතර, පොල්දූව වටරවුම ආසන්නයේ හෝ එම මාර්ගයේ සහ මාර්ගය දෙපස කිසිදු ඉදිකිරීමක් සිදු කිරීම ද තහනම් කර ඇත. මෙම වගකීම් ඉටු කිරීමට නොහැකි නම්, වග උත්තරකරුවන් විසින් එම උද්ඝෝෂණය වහාම විසුරුවා හැරිය යුතුය. මෙම නියෝග උල්ලංඝනය වුවහොත්, සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්ෂණිකව පියවර ගත යුතු බවට ආඥාවක් නිකුත් කර ඇත.

ReeCha