අද අලුයම දිවයිනට ගෙනා පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වනු ලබන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනවිත් තිබේ.
ඔහු ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ බවට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව සඳහන් වේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
ඔහු දිවයිනට රැගෙන ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරණ ගුවන් යානයෙනි.