ඔන්න වැඩේ කරන ගුරු විදුහල්පතිවරුන්ට ඉස්සරහට සොරි තමයි
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මාරුවීම් තුලනය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව අගමැතිනි සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුව මෑතකදී පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම ගැටළුව මතු විය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරුවීම් ප්‍රතික්ෂේප කිරීම දිගු කලක් තිස්සේ සිදුවෙමින් පවතින බවත් එය දැන් පුරුද්දක් වී ඇති බවත්, එබැවින් මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බවත් ඇය අවධාරණය කළාය.
රාජ්‍ය සේවයේ මාරුවීම් සිදු නොකරන එකම අංශය මෙය බව අගමැති හරිනි ප්‍රකාශ කළාය. ඒ අනුව, එවැනි මාරුවීම් සිදු නොකරන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.