සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

Report

අධ්‍යාපන ඇමතිනි, අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ සිසුන් ප්‍රමාණය අඩු පාසල් වසා දැමීම සම්බන්ධයෙන් වැදගත් අදහස් මාලාවක් පළ කර තිබෙනවා.

ඒ අනුව අගමැතිනිය පෙන්වා දෙන්නේ කුඩා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් ‘කළු සුදු තීරණයක්’ ගෙන නොමැති බවයි.

එසේම මෙම ගැටලුවට විසඳුම් සෙවීම වෙනුවෙන් ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව ද ඇය අවධාරණය කර ඇත.

එබැවින් මේ තත්ත්වය ක්‍රමානුකූලව විසඳා ගැනීමට ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බව සඳහන්.

මේ අතර හරිනි අමරසූරිය අගමැතිනිය කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් 2025 වසරේ සිට මෙම ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට පටන් ගත් බවත්, ඒ අනුව කිසිවෙකුගේ හෝ ළමයින් ලිපි මාර්ගයෙන් ඇතුළත් කිරීම සිදු නොකළ බවත් ‍ය.

පාසල් වැසෙයිද? ගුරු සංගමයෙන් දරුණු අරගලයකට සූදානම්

පාසල් වැසෙයිද? ගුරු සංගමයෙන් දරුණු අරගලයකට සූදානම්

එමෙන්ම පාසල් සම්බන්ධ සැලැස්මක් සකස් කිරීමේදී, කලාපයේ ජනගහනයත් සහ සමාජ ආර්ථික තත්ත්වයනුත් පදනම් කරගත යුතු බව ද ඇය පෙන්වා දී ඇත.

මෙහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ කුඩා පාසල් සමහරක් තවදුරටත් පැවතිය හැකි වුවද, සමහර පාසල් ඒකාබද්ධ කිරීමට හැකියාව ඇති බවයි.

එනිසා සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නොවන බවත්, ඇතැම් පාසල් වසා දැමීමට සිදුවන බවත් හරිනි අමසූරිය මහත්මිය පැහැදිලි කළා.

අගමැතිනිය මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදීයි.

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

මෙරට රන් මිල වැඩිම ගනකින් ඉහලට - මෙන්න නව මිල

මෙරට රන් මිල වැඩිම ගනකින් ඉහලට - මෙන්න නව මිල